JUL
24
සතියක් තුළ ගෑස් නෞකා හයක් දිවයිනට

ඉදිරි සතිය තුළදී ගෑස් නෞකා හයක් දිවයිනට ළඟා වීමට නියමිත බව වාර්තා වනවා.
ඒ අනුව මෙම මාසය තුළ දී සපුරා ගැනීමට අපේක්ෂිත ගෑස් සංචිතය මෙට්‍රික් ටොන් 33000ක්.
මහජනතාවට අඛණ්ඩ ගෑස් සැපයුමක් සහතික කිරීම සඳහා මෙලෙස ආනයනය වැඩි කිරීමට පියවර ගත් බවයි ලිට්‍රෝ සමාගම පවසා සිටින්නේ.
මේ අනුව ඊයේ(23) දිනයේ දී ගෑස් මෙට්‍රික් ටොන් 3740ක් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වී ඇති අතර සාමාන්‍යයෙන් දෛනික වෙළඳපොළට නිකුත් කළ ගෘහස්ත ගෑස් සිලින්ඩර් සංඛ්‍යාව 80,000 සිට 100,000 දක්වා මේ වන විට ඉහළ ගොස් තිබෙනවා.
214 Views
Comments