දකුණු ආසියාවේ විශාලතම මාංශ සැකසුම් කර්මාන්තයකට මෙරට ඉඩ දෙන්නේ නැහැ
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
18

දකුණු ආසියාවේ විශාලතම මාංශ සැකසුම් කර්මාන්තයකට මෙරට ඉඩ දෙන්නේ නැහැ

දකුණු ආසියාවේ විශාලතම මාංශ සැකසුම් කර්මාන්තයකට මෙරට ඉඩ දෙන්නේ නැහැ

ශ්‍රී ලංකාව තුළ දකුණු ආසියාවේ විශාලතම මාංශ සැකසුම් කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යාමට කිසිවිටෙකවත් අවස්ථාවක් ලබා නොදෙන බව ජාතික විද්වත් සංඝ සභාව අවධාරණයෙන් කියා සිටියා.

 

පසුගිය කාලයේදී ගව ඝාතනය තහනම් කරන බවට රජය පොරොන්දු ලබාදී ඇති අතර ජනතාව සම්බන්ධයෙන් ඉමහත් සතුටට පත්ව සිටි බවයි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් සඳහන් කරන්නේ.

 

එසේ වුවත් මාංශ සැකසුම් කර්මාන්ත ශාලාවක් කටුනායක ආයෝජන කලාපය පිහිටුවීමට දැඩි ලෙස විරෝධය පළ කරන බව උන්වහන්සේ අවධාරණය කළා.

 

බෞද්ධ රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ලෝකයේ ඉදිරිපත් වී තිබුණත් නිදහසින් පසු කාලය පුරාවටම මෙරට පාලකයින් විසින් විවිධ ක්‍රම ඔස්සේ රට අපකීර්තියට පත් කරමින් සිටින බව උන්වහන්සේ පෙන්වා දෙනවා.

 

 

views

604 Views

Comments

arrow-up