යතුරු පැදි හා ත්‍රීරෝද රථ සඳහා මාර්ගයේ වැඩි ඉඩක්

පසුගිය දින හතර තුලදී ක්‍රියාත්මක කල මංතීරු නීතිය පිළිබඳව මොරටුව විශ්ව විද්‍යාලය හා ශ්රී ලංකා පොලිසිය සිදුකල අධ්‍යනය පදනම් කර ගනිමින් අද සිට ත්‍රීරෝද රථ හා යතුරු පැදි සඳහා වැඩි ඉඩක් ලබා දීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත හා රථවාහන තීරණය කර තිබෙනවා.
ත‍්‍රිරෝද රථ සහ යතුරු පැදි, බස්රථ සදහා වෙන් කෙරුණු වම්පස මංතීරුවේ ගමන් කළ යුතු බව පොලීසිය මීට පෙර ප‍්‍රකාශ කර තිබුණා.
කෙසේවෙතත් ඊයේ(17) දිනයේදී බස්, ත‍්‍රිරෝද රථ සහ යතුරු පැදි වම්පස මංතීරුවේ ගමන් කිරීම හේතුවෙන් එම මංතීරුවේ තදබදයක් පැවැති බවයි නිරීක්ෂණය වුණේ.
ඒ අනුව මොරටුව විශ්ව විද්‍යාලය හා ශ්රී ලංකා පොලීසිය සිදුකළ අධ්‍යයනයකින් අනතුරුව අනෙක් මංතීරුවල රථ වාහන අඩු වශයෙන් ධාවනය කෙරෙන්නේ නම් යතුරු පැදි සහ ත‍්‍රිරෝද රථවලට එම මංතීරු භාවිත කිරීමට අවස්ථාව ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා.
ඉකුත් සඳුදා සිට පෙරහුරුවක් ලෙස කි‍්‍රයාත්මක කළ මංතීරු නීතිය අදින් අවසන් වනවා. ලබන 21 වනදා සිට එය නීතියක් ලෙස කි‍්‍රයාත්මක වන බවයි පොලීසිය පැවසුවේ. ඒ අනුව මංතීරු නීතිය කඩකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා අතර රුපියල් 2000 ක දඩයක් ද පනවන බවයි පොලීසිය සඳහන් කළේ.
761 Views
Comments