නිට්‌ටඹුවේ ගබ්සා මධ්‍යස්‌ථානය වටලද්දී පැමිණි සිටි පෙම් යුවළ අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
01

නිට්‌ටඹුවේ ගබ්සා මධ්‍යස්‌ථානය වටලද්දී පැමිණි සිටි පෙම් යුවළ අත්අඩංගුවට

නිට්‌ටඹුවේ ගබ්සා මධ්‍යස්‌ථානය වටලද්දී පැමිණි සිටි පෙම් යුවළ අත්අඩංගුවට

  නිට්‌ටඹුව නගරයේ වෛද්‍ය මධ්‍යස්‌ථානයක්‌ ලෙස පවත්වාගෙන ගිය ගබ්සා මධ්‍යස්‌ථානයක්‌ පෙරේදා (30 දා) දහවල් වටලා ඇති නිට්‌ටඹුව පොලිසිය වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි පුද්ගලයා සහ සහයකයා අත්අඩංගුවට ගෙන තිබේ.


 
 ගබ්සාව සිදුකර ගැනීම සඳහා එම වෛද්‍ය මධ්‍යස්‌ථානයට පැමිණ තිබූ 19 හැවිරිදි අවිවාහක තරුණිය සහ ඇගේ පෙම්වතාවද පොලිස්‌ අත්අඩංගුවට පත්ව ඇති අතර එම පෙම් යුවළ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.


 
 නිට්‌ටඹුව පොලිස්‌ ස්‌ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති ප්‍ර. පො. ප. අසේල පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක්‌ පෙරේදා (30 දා) දහවල් එම ස්‌ථානය වටලන අවස්‌ථාවේ අත්අඩංගුවට පත් 19 හැවිරිදි තරුණිය ගබ්සාව සිදුකිරීම සඳහා සූදානම් කර තිබූ බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.


 
 අත්අඩංගුවට පත් එම පෙම් යුවළ 29 වෙනිදා වෛද්‍ය පරීක්‍ෂණයකට පෙනී සිටීම සඳහා නිට්‌ටඹුවට පැමිණ ඇති බවත් අවිවාහක තරුණිය ගැබ් ගෙන ඇති බව වෛද්‍ය පරීක්‍ෂණයෙන් හෙළිවී තිබේ. ගබ්සාව සිදුකිරීම සඳහා රුපියල් හතළිස්‌ දහසක මුදලක්‌ද එම යුවළගෙන් වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි පුද්ගලයා අය කරගෙන ඇති අතර ගබ්සාවන් සිදුකිරීම සඳහා උපයෝගි කර ගන්නා උපකරණ හා බෙහෙත් වර්ග රැසක්‌ද පොලිස්‌ භාරයට ගෙන තිබේ.

 

views

787 Views

Comments

arrow-up