බාල වයස්‌කාරියක් දූෂණ නඩුවේ විත්තිකරුට යහපත් පවුල් ජීවිතයකට අවවාද දී නිදහස් කරයි

අවුරුදු 15 මාස 10ක් වියෑති බාල වයස්‌කාරියක් සහ පෙම්බැඳ පසුව ඇය දෙමාපිය භාරකාරත්වයෙන් පැහැරගෙන ගොස් දූෂණය කරන ලදැයි අධි චෝදනා ලැබූ විත්තිකරුවකු මේ වන විට එම තරුණිය සහ විවාහ වී ඇතැයි ඉදිරිපත් වූ කරුණු අනුව මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින් එම විත්තිකරු නිදහස් කර නඩුවෙන් මුදාහැරීමට නියෝග කළේය.
මෙහි විත්තිකරු 2016 ජුනි මස 23 වැනි දින එම ප්‍රදේශයේ පදිංචි බාලවයස්‌කාර තරුණියක් පැහැර ගෙන ගොස් දූෂණය කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ තිබිණි.
මෙම නඩුව විභාග කිරීම සඳහා මහාධිකරණය හමුවේ කැඳ වූ අවස්‌ථාවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ටී. කේ. ධර්මසේන මහතා කරුණු දක්‌වමින් මෙහි විත්තිකරුට එරෙහිව බාල වයස්‌කාර තරුණියක් පැහැරගෙන ගොස් දූෂණය කිරීම සම්බන්ධයෙන් අධි චෝදාන ගොනු කර තිබුණත් විත්තිකරු මේ වන විට එම බාල වයස්‌කාරියට විවාහ වීමට නියමිත වයස සම්පූර්ණ වී ඇය සහ විවාහ වී ඇති බවත් එම යුවළට සිඟිති දරුවකු සිටින බවත් පැවසීය. විත්තිකරු කසාද සහතිකය ද ඉදිරිපත් කරන ලදී.
අධිකරණය හමුවේ ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියේදී යහපත් පවුල් ජීවිතයක් පවත්වාගෙන යන ලෙසට විත්තිකරුට අවවාද කර නඩුවෙන් නිදහස් කරන ලදී. රජයේ අධිනීතිඥ ගයනි වෑගොඩපොල මහත්මිය පැමිණිල්ල මෙහෙය වූවාය. විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ටී. කේ. ධර්මසේන මහතා පෙනී සිටියේය.
818 Views
Comments