ආනවිළුන්දාවේ කඩොලාන ගැලවූ තිදෙනෙකු අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
23

ආනවිළුන්දාවේ කඩොලාන ගැලවූ තිදෙනෙකු අත්අඩංගුවට

ආනවිළුන්දාවේ කඩොලාන  ගැලවූ තිදෙනෙකු අත්අඩංගුවට

ආනවිළුන්දාව රම්සා අභය භූමිය තුළ රෝපණය කරන ලද කඩොලාන පැල 1000 කට ආසන්න ප්‍රමාණයක් ගලවා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා

 

ආරච්චිකට්ටුව - මුතුපන්තිය පදිංචි ධීවරයින් තිදෙනකු මෙලෙස ආරච්චිකට්ටුව පොලීසිය විසින්අත්අඩංගුවට ගෙන ඇත.

 

ආනවිළුන්දාව රැම්සා අභය භූමිය භාරව සිටින වන සත්ත්ව අඩවි නිලදාරිය විසින් ආරච්චිකට්ටුව පොලීසිය කරණ ලද පැමිණිල්ලකට අදාලව කරණ ලද මූලික විමර්ෂණවලින් අනතුරුව මෙම අත්අඩගුවට ගැනීම සිදු කර තිබෙනවා

 

වන සත්ත්ව අඩවි සහකාර ඩබ්ලිව්.එල්.පී.බුද්ධික උපනන්ද මහතා ආරච්චිකට්ටුව පොලීසිය හමුවේ කර ඇති පැමිණිල්ලේ සදහන්වන්නේ ඉකුත් 19 වැනිදා තමන් රම්සා අභය භූමියේ අළුතින් කඩොලාන පැළ රෝපනය කරන ලද ප්‍රදේශයට ගිය බවත්,තෙත් බිම් දිනයදා රෝපනය කළ පැළ එදිනද දක්නට ලැබුණ බවත් , යලි 22 වැනිදා තමන් එම ප්‍රදේශයට ගිය අවස්ථාවේ පැළ ගලවා ඇති ආකාරයක් දක්නට ලැබුණු බවත්,ඒ අනුව 20 හෝ 21 දින පැළ ගලවා දැමීම සිදු කරන්නට ඇති බවට තමන් විශ්වාස කරන්නේ යැයිද ඒ මහතා පොලිසීයට කරණ ලද පැමිණිල්ලේ සදහන් වේ.

views

517 Views

Comments

arrow-up