විහාරස්ථාන භූමියක තිබී සොයාගත් අත්බෝම්බ දෙකක් නිෂ්ක්‍රීය කරයි

බෙලිඅත්ත, නිහළුව ප්‍රදේශයේ විහාරස්ථාන භූමියක තිබී සොයාගත් ජීව අත්බෝම්බ දෙකක් නිෂ්ක්‍රීය කර තිබේ.
එම විහාරස්ථාන භුමියේ පවිත්‍රතා කටයුතු සිදුකරමින් කරමින් සිටියදී මෙම ජීව අත්බෝම්බ දෙක සොයාගෙන ඇති බව පොලීසිය පැවසීය.
මේ සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලීසිය විසින් තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කැඳවා එම ජීව අත්බෝම්බ නිෂ්ක්‍රීය කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
146 Views
Comments