නැවත දැනුම්දෙන තුරු රාත්‍රි කාලයේ 18 වංගුව මාර්ගය වසා දමයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
21

නැවත දැනුම්දෙන තුරු රාත්‍රි කාලයේ 18 වංගුව මාර්ගය වසා දමයි

නැවත දැනුම්දෙන තුරු රාත්‍රි කාලයේ 18 වංගුව මාර්ගය වසා දමයි

කහටගොල්ල ප්‍රදේශයෙන් මතුවූ අවදානමක් හේතුවෙන්18 වංගුව මාර්ගය නැවත දැනුම්දෙන තුරු රාත්‍රී කාලයේදී පමණක් වසා දැමීමට තීරණය කර තිබේ.

 

ඒ අනුව, ගල් පෙරලීමේ අවදානම හේතුවෙන් නැවත දැනුම්දෙන තුරු සෑම දිනකම පස්වරු 6:00 සිට පෙරවරු 6:00 දක්වා එම මාර්ග කොටස වසා තැබෙනු ඇත.

 

මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ඒ බව පවසයි. 

 

වැඩිදුරටත් අදහස් පළ කළ දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ, මේ වනවිට හුන්නස්ගිරිය කහටගොල්ල ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රධාන මාර්ගයට ගල් පෙරළී ඇති බවය. 

 

තවදුරටත් ගල් පෙරළීමේ අවදානමක් ඇති බැවින් මාර්ගය තාවකාලික වසා දැමීමට පියවර ගැනුණි.

 

අවදානම් සහිත ගල් ඉවත් කිරීමෙන් අනතුරුව නැවත මාර්ගය විවෘත කිරීමට සැලසුම් කර තිබේ.

 

කෙසේවෙතත් දහවල් කාලයේ වුවද මාර්ගයට ගල් පෙරළීමේ අවදානම පවතින බැවින් දහවල් කාලයේ මෙම මාර්ගය භාවිත කරන රියදුරන් ඉතාමත් කල්පනාකාරීව කටයුතු කළ යුතු බවද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.

views

123 Views

Comments

arrow-up