විමර්ශන උඩුයටිකුරු කළ හිස නැති තරුණියගේ ප්‍රශ්චාත් මරණ පරීක්ෂණය

වේල්ලවීදියේ ගමන් බෑගයක තිබි හමු වූ හිස කඳින් වෙන් කළ තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණය තවත් අභිරහසක් ඉතිරි කරමින් අවසන් වුණා. අධිකරණ වෛද්‍යවරුන් පවසන්නේ මරණයට නිශ්චිත හේතුව ප්‍රකාශ කිරීමට නොහැකි වූයේ ඇයගේ හිස මෙතෙක් සොයා ගැනීමට නොහැකි වූ නිසා බවටය.ඝාතනය සිදුකළ උප පොලිස් පරීක්ෂකවරයා පොලිස් උපක්‍රම භාවිතා කරමින් මෙම මරණය අභිරහස් රැසක් සෙවීමට ඉතුරු කරමින් සිදු කර ඇතැයි ද පොලිස් විමර්ශකයින් පවසනවා.
දින 9ක කාලයක් පොලිස් මෝචරියේ තිබූ කුරුවිට දිලිනි යශෝදාගේ හිස නැති මළ සිරුර සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ සිදු වුණා.
ඇයව පහර දී ඝාතනය කළාද, ගැබිනියක්ද යන වග සහ ඇයට වස දී ඝාතනය කළාද යන්න මෙහිදි පරික්ෂා කළද එවැනි කිසිවක් හෝ ඇයගේ ශරිරයේ මාරාන්තික පහරක ලක්ෂයක්වත් නොතිබු බව මෙහිදි තහවුරු වුණා එසේම ඇය මිය ගිය දින කිසිදු ලිංගික එක්වීමක් සිදු නොවූ බවද තහවුරුව තිබෙනවා.
මිය යාමට පැය දෙකක ඉහතදී ඇය ආහාර ගෙන ඇති බවද හෙළිව තිබෙනවා.
ඇයගේ කඳකොටස මෙලෙස අධිකරණ වෛද්‍යවරයා විසින් දැඩි පරික්ෂාවකට ලක් කොට ඇති අතර ඇයගේ ගෙල කොටස නොමැති වීමනිසා ඇයගේ මරණයට මින් කිසිදු වෛද්‍ය සාක්ෂියක් ලැබුණේ නැහැ.මේ නිසා ඇයගේ හිස සෙවීමේ කටයුතු තවදුරටත් පොලිස් කණ්ඩායම් කිහිපයක් සිදු කරනවා.මේ නිසා පොලිස් පරීක්ෂණ ඉතා සංකීර්ණ මුහුණුවරක් ගෙන ඇතැයි පැවසෙන්නේ.
මෙම් වෛද්‍ය පරීක්ෂණයට පෙර ඇයගේ දේහයට PCR ද සිදු කර තිබෙනවා.ඒ ඇයට කොරෝනා ආසාදිතද දැන ගැනීම සදහාය. නමුත් එය සාමාන්‍ය තත්වයක පැවතීම නිසා මෙලෙස පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කොට දින 9කින් පසු දේහය ඇයගේ සහෝදරයාට භාර දී තිබෙනවා. ඇයගේ දේහය කුරුවිට නිවසට පසුව රැගෙන ගියා. ඒ සීල් පෙට්ට්ටියක දමාය.
66351 Views
Comments