ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ රඳවා තැබෙන දින ගණන් වල වෙනසක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
07

ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ රඳවා තැබෙන දින ගණන් වල වෙනසක්

ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ රඳවා තැබෙන දින ගණන් වල වෙනසක්

රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින් නිරෝධායන මධ්‍යස්ථාන තුළ රැඳවීම දින 14 සිට දින 10 දක්වා අඩු කර තිබේන අතර එම දින 10 ගණනය කරනු ලබන්නේ කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වූ පුද්ගලයෙකුගේ සාම්පල ලබාගත් දිනයේ සිට දින 10 ක් ඉදිරියටය බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

 

කෙසේවෙතත් ආසාදිත පුද්ගලයින්ගෙන් වෛරසය ව්‍යාප්ත විය හැකි බවට සැලකෙන දින 10ක කාල සීමාව තුළ පමණක් ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථානවල රඳවා තැබීමටත්, ඉදිරි 4 නිවෙස් තුළ නිරෝධායනයේ තැබීමටත් කටයුතු කරන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

 

අද (07) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය.

views

2194 Views

Comments

arrow-up