යහපාලන මිල සූත්‍රය තිබුණනම් පෙට්රල් ලීටරයක් රු.164යි - අමාත්‍ය උදය ගම්මන්පිල

පසුගිය රජය සමයේ තෙල්මිල නිර්ණය කිරීම සඳහා භාවිතා කළ මිල සූත්‍රයට අනුව දැනට රුපියල් 157 කට අලෙවි වන පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 164 ක් දක්වා ද , රු. 111කට අලෙවිවන ඩීසල් ලීටරය රු. 122 දක්වාද ඉහළ යා යුතු බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් උදය ගම්මන්පිල මහතා මේ බව ප්‍රකාශ කළා.
තවද ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදල පිළිබඳව සවිස්තර වාර්තාවක් සභාගත කර ඇති බවත් එහි මුදල් විදුලි මිල පාලනය කිරීම සඳහා යොදාගෙන ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියා.
772 Views
Comments