වැළලී ගිය ඝාතනයක සුලමුල සය වසරකට පසු එළිවෙයි -ඝාතනය සිදුකල විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයා අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
10

වැළලී ගිය ඝාතනයක සුලමුල සය වසරකට පසු එළිවෙයි -ඝාතනය සිදුකල විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයා අත්අඩංගුවට

වැළලී ගිය ඝාතනයක සුලමුල සය වසරකට පසු එළිවෙයි -ඝාතනය සිදුකල විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයා අත්අඩංගුවට

මීට වසර හයකට පෙර වවුනියාවේ, මරදන්කුලම්, මුරුගන් ඌර් ගම්මානයේදී ඝාතනයට ලක්වූ මවකගේ හා මාස හයක් වූ බිළිඳෙකුගේ ඝාතකයා ඝාතනයට ලක්වූ කාන්තාවගේ ස්වාමිපුරුෂයා බවට තොරතුරු හෙළිවීමත් සමඟම එම මළ සිරුරු වවුනියාව පොලීසියේ අපරාධ විමර්ශන අංශය විසින් අධිකරණ නියෝගමත පසුගිය 8 වනදා යළි ගොඩ ගෙන ඇත.

 

වවුනියාව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් බිරි`ද හා දරුවා මරා දැමූ බව කියන ඝාතකයාවයාව අත්අඩංගුවට ගෙන ඔහු සිදුකල පාපොච්චාරණයක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වළ දමා තිබූ මළ සිරුරු ගොඩගෙන පරීක්ෂණ පවත්වන ලෙසට වවුනියාව මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කොට තිබේ. 

 

වවුනියාව මුරුගන් ඌර් ගම්මානයේ පදිංචි තරුණයෙකු යාපනයේ කොණ්ඩාවිල් ප‍්‍රදේශයේ රැකියාවකට ගොස් සිටින අතරතුර විසි හැවිරිදි පරමේස්වරන් සජින්තිකා නැමැති තරුණිය සමග පෙම් සබදතාවක් ඇති කර ගැනීමේ ප්‍රතිඵලයක් මත ඇය ගැබ් ගෙන තිබේ. 

 

දෙමව්පියන්ගේ දැඩි බල කිරීම මත ඔහු තරුණිය සමඟ විවාහ වී දරුවා සමඟ වවුනියාවට පැමිණ තිබූ අතර නිවසේ ඇති වූ යම් යම් ආරවුලක් නිසා ඔහු බිරිඳට හා දරුවාට පහරදී ගෙළ සිර කිරීමෙන් ඝාතනය කර මළ සිරුරු දෙකට පොල් ලෙලි පොල් අතු හා භූමිතෙල් දමා ගිනි තබා නිවස අසලම වළක් කපා වළ දමා ඇත්තේ 2015 වසරේ අගෝස්තු 9 වෙනිදාය. 

 


දින කීපයකට පසු තම බිරිඳ හා දරුවා අතුරුදන්ව ඇති බවට වවුනියාව පොලීසියට බොරු පැමිණිල්ලක් කළ ඔහු තවත් මාස කීපයකින් විදේශ ගත වී ඇත. 

 

ඔහු පළමුවර විදේශ ගතවී ආපසු පැමිණ යළි විදේශ ගතවීම ගැන ඇතිවූ සැකය මත අතුරුදන් වූ බව කී කාන්තාවගේ දෙමව්පියන් යාපනයේ මානව හිමිකම් කමිටුව වෙත පැමිණිලි කොට තිබේ. 

 

මානව හිමිකම් කමිටුව විසින් වවුනියාව පොලිසියට කළ දැනුම්දීමක් අනුව වවුනියාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිස්ස ලාල් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් වවුනියාව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අසංග ඉඳුනිල් මහතා ප‍්‍රධාන පිරිසක් විසින් අදාල සැකකරුව අත්අඩංගුවට ගෙන සිදුකළ ප‍්‍රශ්න කිරීම්වලින් පසු සිද්ධිය පිළිබඳ තොරතුරු හෙළි වී ඇත.

views

909 Views

Comments

arrow-up