ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිඩ්නි චන්ද්‍රසේකරගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට

අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ ප්‍රවීණ කලා ශිල්පී සිඩ්නි චන්ද්‍රසේකර මහතාගේ දේහය පිළිබඳව අවසන් කටයුතු හෙට(15) සවස 5.30 ට බොරැල්ල නව ආදාහනාගාරයේදී සිදු කෙරේ.
දේහය අද(14) සවස 6.00 සිට බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තැබේ.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිඩ්නි චන්ද්‍රසේකර මහතා අද උදෑසන අභාවප්‍රාප්ත විය. ඒ , රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ය. මිය යනවිට ඒ මහතාගේ වයස අවුරුදු 61කි. සිඩ්නි චන්ද්‍රසේකර මහතා නිව්ස්ෆස්ට්හි උපදේශකවරයකු ද වේ.
රූපවාහිනි කලාකරුවෙකු, මාධ්‍යවේදියෙකු ලෙස ශ්‍රී ලංකා ජාතික රූපවාහිනියෙන් සිය වෘත්තීය ජීවිතය අරඹන සිඩ්නි චන්ද්‍රසේකර මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි.
ශ්‍රී ලංකාවේ ඉමහත් ජනප්‍රියත්වයට පත් ටෙලිනාට්‍ය රැසක් නිර්මාණය කළ ප්‍රවීණ ටෙලි නාට්‍ය නිර්මාණකරුවෙකු වූ ඒ මහතා මෙරට රූපවාහිනි ක්ෂේත්‍රයේ ප්‍රධාන තනතුරු රැසක් හොබවනු ලැබිණි.
මෙරට ගේයපද රචනා කලාවේ වෙනසක් කළ සිඩ්නි චන්ද්‍රසේකර මහතා නිර්මාණ රැසකින් ජනප්‍රියත්වයට පත්විය.
මෑතකදී ඒ මහතා රචනා කළ අනන්තයෙන් ආ තරු කුමරා, ප්‍රේම දඩයම , මේ ආදරයයි, නැගිටිමු ශ්‍රී ලංකා ගීත මෙරට අතිශය ජනප්‍රියත්වයට පත් ගීත අතර විය.
681 Views
Comments