අද සිට 50%ක ධාරිතාවයකින් බස් රථ ධාවනයට

අද (25) දිනයේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් ආරම්භ වීමට නියමිතය.
ඒත් සමඟ ම පොදු ප්‍රවාහන සේවා සහ පාසල් වෑන් රථ මෙන්ම බස් රථ ධාවනය ද යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කරයි
මේ අතර සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ සභාපති අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේ ලංගම හරහා ඉන්ධන ලබා දුන්න ද එම ඉන්ධන ප්‍රමාණවත් වන්නේ දින 2කට පමණක් බවයි.
කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ අද (25) සිට 50% ක ධාරිතාවයකින් බස් රථ ධාවනයට එක් කරන බවයි.
232 Views
Comments