වසර 3කට පසු පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10ම විවෘතයි - පහත්බිම්වල ජනතාව අවධානයෙන්

පවතින අධික වර්ෂාව හේතුවෙන් වසර තුනකට පමණ පසු පරාක්‍රම සමුද්‍රය වාන් දොරටු දහයම විවෘත කෙරුණා.
මේ වන විටත් පොළොන්නරුව දිස්ත්‍රික්කයට ධාරානිපාත වර්ෂාවක් ඇදහැලෙන බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ ජලය උපරිම මට්ටමට ළඟා වීම නිසා වාන් දොරටු විවෘත කිරීමට කටයුතු කළ බව පොලොන්නරුව කලාප වාරිමාර්ග නිලධාරීන් පවසනවා.
සමුද්‍රයේ වාන් දොරටු දහයෙන් අටක් අඩිය බැගින් විවෘත කර ඇති අතර අනෙක් දොරටු දෙක අඩි දෙක බැගින් විවෘත කර තිබෙනවා.
මේ වන විට තත්පරයකට මුදාහැරෙන ජල ධාරිතාව ඝන අඩි 1620ක් වන අතර මේ හේතුවෙන් පහත් බිම් ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බැවින් පහත් බිම් වල වෙසෙන ජනතාවට අවධානයෙන් සිටින ලෙස කලාප වාරිමාර්ග නිලධාරීන් ඉල්ලා සිටිනවා.
වාන් දොරටු විවෘත කිරීමත් සමග පොලොන්නරුව මඩකලපුව මාර්ගයේ ගල්ලෑල්ල ප්‍රදේශයෙන් මාර්ගය අඩියකින් පමණ ජලයෙන් යට වී ඇති බවද වාර්තා වනවා.
633 Views
Comments