කොරෝනා ආසාදිතව සිට සුවය ලැබූ ගණන 14,000 ඉක්මවයි

අද දින (22) කොවිඩ් ආසාදිතව සුව වූ පිරිස 479 ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ. මේ අනුව අද දින සුවය ලැබූ 479දෙනාත් සමග සුවය ලැබූ සමස්තය 14,000 ඉක්මවා තිබේ
සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 14,069ක් දක්වා ඉහළ ගොස් ඇත
රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන 33 ක සිටි ආසාදිතයින් පිරිසක් අද (22) මෙලෙස සුවය ලබා නිවෙස් බලා පිටව ගොස් තිබේ. සුව වූ පිරිසෙන් වැඩි ප්‍රමාණයක් පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා සංක්‍යත්මකව එම පිරිස 173ක්
මෙතෙක් වාර්තා වූ ආසාදිතයන් 19,771ක් දක්වා ඉහල ගොස් ඇති අතර මේ වන විට රෝහල් ගතව සිටින්නේ පුද්ගලයින් 5,619ක් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.
615 Views
Comments