පාසල් ළමුන් ප්‍රවාහන රථ ගැන පොලීසියේ විශේෂ අවධානයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
22

පාසල් ළමුන් ප්‍රවාහන රථ ගැන පොලීසියේ විශේෂ අවධානයක්

පාසල් ළමුන් ප්‍රවාහන රථ ගැන පොලීසියේ විශේෂ අවධානයක්

බස්නාහිර පළාතේ හා හුදකලා කර ඇති අනිකුත් ප්‍රදේශ හැර දිවයිනේ සෙසු ප්‍රදේශවල පාසල් හෙට සිට ආරම්භ කෙරෙන බැවින් පාසල් ළමුන් ප්‍රවාහනය කරන රථවාහන නිරෝධායන නීති වලට අනුකූලව ප්‍රවාහන කටයුතු සිදු කළ යුතු බව පොලිසිය පවසනවා.

 

මේ සම්බන්ධයෙන් පොලිස් රථ වාහන අංශයේ නිළධාරින් විසින් පූර්ණ අධික්ෂණයෙන් පසුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.

 

හෙටින් ආරම්භ වන තෙවන පාසල් වාරය සඳහා පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා යොදා ගන්නා ප්‍රවාහන මාධ්‍යයන් නියාමනය කිරීමට පොලීසිය කටයුතු කරන බව අජිත් රෝහණ මහතා පවසයි.

 

බස්නාහිර පළාත සහ හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල් හෙට(23) විවෘත කෙරේ.

 

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ 6 සිට 13 ශ්‍රේණි සඳහා පමණක් හෙට පාසල් විවෘත කෙරෙන බවයි.

 

එමෙන්ම බස්නාහිර පළාතේ හා හුදෙකලා කර ඇති ප්‍රදේශවල හැර අනෙකුත් සියලුම පිරිවෙන් හා බෞද්ධ සීල මාතා අධ්‍යාපන ආයතන ද හෙට ආරම්භ කරයි.

 

views

691 Views

Comments

arrow-up