සිල් රෙදි නඩුවෙන් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට නිදොස් කොට නිදහස් කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
19

සිල් රෙදි නඩුවෙන් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට නිදොස් කොට නිදහස් කෙරේ

සිල් රෙදි නඩුවෙන් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට නිදොස් කොට නිදහස් කෙරේ

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධයක්ෂක ජනරාල් අනුෂ පැල්පිට යන අය සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරුවන් කරමින් කොළඹ මහාධිකරණය නිකුත් කළ නියෝගය අත් හිටුවා ඔවුන්ට එරෙහි චෝදනා වලින් නිදොස් කොට මුදා හැරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.

 

2015 ජනාධිපතිවරනය සමයේදී සිල් රෙදි බෙදා දීමේ වැඩසටහනක් සදහා ශ්‍රි ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් ලබා ගෙන එම මුදල් වංක ලෙස සාවදය පරිහරනය කිරීමේ චොදනා සහ සාවද්‍ය පරිහරණය කිරීමට ආධාර අනුබල ලබා දීමේ චෝදනා වලට වැරැදිකරුවන් වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධයක්ෂක ජනරාල් අනුෂ පැල්පිට යන අය එම තීන්දුව අභියෝගයට ලක්කරමින් අභියාචන පෙත්සම් ගොනු කර තිබුණා.

 

මෙම තීන්දුව අද අභියාචනාධිකරණ විනිසුරු කුමුදිනී වික්‍රමසිංහ සහ විනිසුරු දේවිකා අබේරත්න මහත්මිය විසින් ප්‍රකාශයට පත් කරන ලදී .

 

කොළඹ මහාධිකරණය විත්තිකරුවන් සම්බන්ධයෙන් ලබා දුන් නියෝගය දෝෂ සහිත බව පවසමින් තමන්ට එරෙහිව ඇති තීන්දුව අත් හිටුවා චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන ලෙසට විත්තිකරුවන් දෙදෙනා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිනු ලැබුවා.

 

මෙම චෝදනා සම්බන්ධයෙන් විත්තිකරුවන්ට වසර තුන බැගින් බරපතළ සිර දඩුවම් නියම කිරීමට කොළඹ මහාධිකරනය නියෝග කර තිබුණා.

 

සිර දඩුවම් වලට අමතරව විත්තිකරුවන් දෙදෙනාට වෙන වෙනම රුපියල් ලක්ෂ 20 බැගින් වූ දඩ මුදලක් ගෙවීමට ද මහාධිකරන විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කර තිබුණා.

 

තවද මෙම මුදල් සාවද්‍ය සාපරාධී ලෙසට පරිහරණය කිරීම තුළින් විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට සිදු වූ පාඩුව ගෙවීමට විත්තිකරුවන්ට වෙන වෙනම එම කොමිෂන් සභාවට රුපියල් මිලියන 50 බැගින් වන්දි මුදල් ගෙවන ලෙසට ද මහාධිකරනය විත්තිකරුවන්ට නියෝග කළේ

 

 

views

693 Views

Comments

arrow-up