ශ්‍රී ලංකාවට ඉරානයෙන් යූරියා
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
02

ශ්‍රී ලංකාවට ඉරානයෙන් යූරියා

ශ්‍රී ලංකාවට ඉරානයෙන් යූරියා

 

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය යුරියා පොහොර ලබාදීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් සැකසීමට ඉරානය එකඟත්වය පළ කර තිබෙනවා.

 

ඒ, ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති Hashem Ashjazadeh කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී හමුවූඅවස්ථාවේදීයි.

 

මෙම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය යුරියා පොහොර සම්පාදනය සම්බන්ධව අදහස් හුවමාරු කර ගැනීම සිදු කෙරිණ. යුරියා පොහොර අවශ්‍යතාවය සම්බන්ධව අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍යවරයා වගාවට අවශ්‍ය යුරියා පොහොර සපයා ගැනීම සඳහා සහයෝගය ලබා දෙන්නැයි ඉල්ලිමක් කරන ලදි.

views

215 Views

Comments

arrow-up