‘Covid එන්නත දැන්ම ලංකාවට අවශ්‍ය නෑ’ – වාසුදේව

කොරෝනා වෛරසයට එරෙහිව ඇමරිකාව විසින් සොයාගෙන ඇති එන්නත මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය නොවන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.
ශ්‍රී ලංකාව මේවනවිට සාර්ථකව කොරෝනා වෛරසය පාලනය කරමින් සිටින බවයි අයවැය දෙවනවර කියවීමේ විවාදයේදී අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
අවශ්‍ය රටවල් එම එන්නත ඉල්ලුම් කර තිබුනත් දැනට තුළ ශ්‍රී ලංකාවට එම එන්නත අවශ්‍ය නොවන බවත් අවශ්‍ය වුවහොත් එය ඇණවුම් කිරීමටත් එයට අවශ්‍ය මුදල් සොයා ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.
අමාත්‍යවරයාගේ ප්‍රකාශය පිළබදව සමගි ජන බලවේගයේ මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අදහස් දැක්වීමත් සමග පාර්ලිමේන්තුව තුළ තරමක් උණුසුම් ස්භාවයක් ගනු ලැබුවා
603 Views
Comments