මෙරට පරිසරවේදියෙකුට ගෞරව පිණිස මැඬියෙකු නම් කරයි

මෙරට පරිසරවේදියෙක් සහ විද්‍යාඥයෙක් වන රොහාන් පෙතියාගොඩ මහතාට ගෞරව පිණිස මැඩියකු නම් කර තිබෙනවා.
රොහානික්සලස් (Rohanixalus) ලෙස නම් කර ඇති මෙම මැඩියා අන්දමන් සහ නිකොබාර් දූපත් සහ ඉන්දියාවේ ඊසාන දෙසින් සොයාගෙන ඇති බව සදහන්.
ඉන්දියානු, චීන, ඉන්දුනීසියානු සහ තායි පර්යේෂකයන් කණ්ඩායමක් මෙම ගෙම්බන්ගේ නව ප්‍රභේදය සොයාගෙන ඇති බව ජාත්‍යන්තර සත්ව වර්ගීකරණ සඟරාවක් වන සූටැක්සා හි (Zootaxa) නොවැම්බර් 12 කලාපය වාර්තා කළා.
පර්යේෂකයෝ දකුණු, අග්නිදිග සහ නැගෙනහිර ආසියාව පුරා සිටින ගස් ගෙම්බන්ගේ බාහිර රූප විද්‍යාව, අභිජනන ජීව විද්‍යාව වැනි අංශ අධ්‍යයනය කිරීමෙන් අනතුරුවයි මෙම ගෙම්බන් නව ප්‍රභේදයක් ලෙස සනාථ වී ඇත්තේ.
මෙම නව ප්‍රභේදය සෙන්ටිමීටර 2 සිට 3 සෙ.මී. පමණ දිග සිහින් සිරුරකින් සහ ශරීරයේ දෙපස එකිනෙකට වෙනස් වර්ණ රේඛා යුගලයක් සහ වෙනත් සුවිශේෂී චර්යාත්මක ගති ලක්ෂණ වලින් සමන්විත බව සදහන්.
DNA අධ්‍යයනයෙන් හෙළි වුනේ නව ප්‍රභේදය කලින් හදුනාගෙන ඇති ගස් ගෙම්බන් හා සසඳන විට සුවිශේෂී පරිණාමීය පෙළපතක් හිමි බවයි.
අභිජනන සමයේදී මෙම රතු-දුඹුරු ගෙම්බන් විශාල ප්‍රමාණයක් පඳුරු අවට දක්නට ලැබෙනවා. විද්‍යාඥයින් විශ්වාස කරන්නේ, නම් නොකරන ලද රොහානික්සාලස් විශේෂ බොහොමයක් ඇති බවයි.
එමෙන්ම නව ප්‍රභේදයේ විවිධත්වය අවබෝධ කර ගැනීමේ අවශ්‍යතාවයක් පවතින බව විද්‍යාඥයින් පවසනවා. අන්දමන් දූපත් වල ගස් ගෙම්බන් විශේෂයක් හමු වූ පළමු අවස්ථාව මෙයයි.
1293 Views
Comments