මාලිමාවට හෝමාගමින් හා කැලණියෙන් නොසිතූ පරාජයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
16

මාලිමාවට හෝමාගමින් හා කැලණියෙන් නොසිතූ පරාජයක්

මාලිමාවට හෝමාගමින් හා කැලණියෙන් නොසිතූ පරාජයක්

මෙවර පැවැති සමුපකාර සමිති අධ්‍යක්ෂ මණ්ඩල තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම්වලදී හෝමාගම හා කැලණියේ මාලිමාව පරාජයට පත්වී ඒකාබද්ධව ඉදිරිපත්වූ ස්වාධීන කණ්ඩායම් ජයග්‍රහණ අත්කරගෙන ඇත. බියගමින් ‘මාලිමාව’ ජයග්‍රහණ අත්කරගෙන තිබේ.

 

කැලණිය විවිධ සේවා සමුපකාර සමිතියට අධ්‍යක්ෂ මණ්ඩලය තෝරා පත්කර ගැනීම සඳහා පසුගියදා පැවැති නිලවරණයෙන් ඒකාබද්ධ ස්වාධීන කණ්ඩායම ජයග්‍රහණය කර ඇත. එම සමුපකාර සමිතියේ කාරක සභික ධුර 99න් 62ක් ස්වාධීන කණ්ඩායමට හිමිවූ අතර ජාතික ජන බලවේගය නියෝජනය කළ කණ්ඩායමට හිමි වූයේ සභික ධුර 37ක් පමණි.

 

පසුගියදා පැවැති හෝමාගම විවිධ සේවා සමුපකාර සමිතියේ ප්‍රාදේශීය නිලවරණයෙන් ද ඒකාබද්ධ ස්වාධීන කණ්ඩායම ජයග්‍රහණය කර ඇත. එම සමිතියේ සභික ධුර 100න් 59ක් හිමිකර ගැනීමට ස්වාධීන කණ්ඩායම සමත් වූ අතර ජාතික ජන බලවේගය නියෝජනය කළ කණ්ඩායමට හිමි වූයේ සභික ධුර 32කි.

 

බියගම විවිධ සේවා සමුපකාර සමිතියේ නිලවරණයෙන් ජාතික ජන බලවේගය නියෝජනය කළ කණ්ඩායමට තියුණු ජයක් හිමි වූ අතර ඔවුන්ට සභික ධුර 58ක් හිමි විය. ඒකාබද්ධ ස්වාධීන කණ්ඩායමට හිමි වූයේ සභික ධුර 42ක් පමණි.

 

මින් පෙර ඇල්මැරුණු ස්වභාවයකින් පැවැති සමුපකාර නිලවරණය සඳහා මෙවර විශාල උද්‍යෝගයක් පැවැති අතර පෝස්ටර්, බැනර් අත්පත්‍රිකා පමණක් නොව ගෙන්ගෙට යෑම් ද ප්‍රධාන මැතිවරණයක පරිදිම සිදු විය.

 

ඉදිරි දිනවල දී තවත් සමුපකාර සමිති රැසක නිලවරණ පැවැත්වීමට නියමිතව ඇත.

views

123 Views

Comments

arrow-up