ඡන්දය සළකුණු කිරීම සඳහා පෑනක් ගෙනයාමට අවසර

අගෝස්තු 05 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණ ඡන්ද විමසීමේදී ඡන්දය සළකුණු කරන ඡන්දදායකයන්ට අවශ්‍ය නම් ඒ සඳහා තමන්ගේම පෑනක් භාවිතා කළ හැකි බව මැතිවරණ කොමිසම පවසනවා. ඒ සඳහා නිල් පැහැති හෝ කලු පැහැති, බෝල තුඩු පෑනක් භාවිතා කිරීමට අවසර ලැබෙන බවයි මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.
ඡන්දය සළකුණු කිරීම සඳහා පෑනක් රැගෙන ඒම අනිවාර්ය නොවන අතර සෑම ඡන්ද මධ්‍යස්ථානයකම ඒ සඳහා පෑනක් තබා ඇති අතර පවත්නා වසංගත තත්වය හමුවේ එම පෑන විටින් විට විෂබීජ හරණය කිරීම සඳහා ද කටයුතු යොදා තිබේ.
755 Views
Comments