කාන්තාවකගේ උදරයේ ඝන තෙල් තට්ටුව කිලෝ පහක් ඉවත් කල සැත්කම

කාන්තාවකගේ උදරයේ අසමාන්‍ය ලෙස තැන්පත්ව තිබුණු ඝන තෙල් තට්ටුවක් සහ අවලස්සන ලෙසට ඉදිරියට නෙරා තිබුණු සමෙහි කිලෝ පහක පමණ කොටසක් සාර්ථක සැත්කමකින් ඉවත් කිරීමෙන් පසුව එම කාන්තාව නිරෝගීව සමාන්‍ය අයුරින් නේවාසිකව ප්‍රතිකාර ලබන බව කෑගල්ල මහ රෝහලේ ශල්‍ය විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා පැවසීය.
මෙලෙස උදරයේ ඝන තෙල් තට්ටුවක් සහිත සමෙහි කිලෝ පහක කොටසක් කපා ඉවත් කර ඇත්තේ කුරුණෑගල පොතුහැර මහපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටින 26 හැවිරිදි එක් දරු මවකගේය.
විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා කියා සිටියේ ශල්‍යකර්මයට යොමු කරන ලද එක් දරු මව පළමු දරුවා පිළිසිඳ ගැනීමට පෙර සමාන්‍ය සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වෙමින් සිට ඇති බවත් පිළිසිඳ ගැනීමෙන් පසුව උදරය ඉතා අසාමාන්‍ය ලෙස ඉදිරියට නෙරා ඇති බවත්ය.
දරුවා ප්‍රසූත කළ පසුව වසර එකහමාරක පමණ කාලයක් තුළදී තවදුරටත් උදරය අවලස්සන අයුරින් ඉදිරියට නෙරා ඒමක් සිදුව තිබේ.
උදරය ඉදිරියට නෙරා ඒම හේතුවෙන් උදරාබාධ, කොන්දේ වේදනාව මෙන්ම කකුල්වල වේදනාවද ඇයට හට ගෙන තිබුණි.
ඇඳුම් පැළඳුම් ඇඳීමේ දී විවිධ ගැටලුවලට මෙන්ම ඇයට දැඩි මානසික, සමාජමය ප්‍රශ්න ගණනාවකට මුහුණ දීමට සිදුව තිබේ.
225 Views
Comments