කඩවත - මීරිගම අධිවේගයට චීනය ණය දීම නවත්වයි

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර ඉදිකිරීමට චීනයේ එක්සිම් බැංකුව ලබාදී තිබූ ණය පහසුකම අත්හිටුවා ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණි.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සහ ශ්‍රී ලංකාව ණය ආපසු ගෙවීම් තාවකාලිකව අත්හිටුවා තිබීම ණය පහසුකම අත්හිටුවීමට හේතු ලෙස එක්සිම් බැංකුව දන්වා ඇතැයි රජයේ ආරංචිමාර්ග පවසයි.
මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් සඳහා ලබාදී තිබූ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් පන්කෝටි දස ලක්ෂයක මුදල චීනයේ එක්සිම් බැංකුව විසින් මෙලෙස අත්හිටුවනු ලැබ ඇත.
ඒ හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ට රැකියා 2000ක් පමණ අහිමිවීමේ අවදානමකට මුහුණ දීමට සිදුව ඇතැයි වාර්තාවෙයි.
කඩවත සහ මීරිගම අතර කොටස කිලෝමීටර් 37ක් පමණ වන අතර එම ව්‍යාපෘතියේ සේවය කළ චින ජාතිකයන් 500 දෙනෙකු පමණ දැනටමත් පිටත්වීමට පටන්ගෙන ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත පෙන්වා දුන්නේය.
ණය පහසුකම අත්හිටුවීම හේතුවෙන් ව්‍යාපෘතිය ප්‍රමාදයකට ලක්වන බවත් ඒ හේතුවෙන් ව්‍යාපෘතිය භාර කොන්ත්‍රාත්කරුට දඩ මුදලක් ගෙවීමට සිදුවන බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.
මෙම ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය යම්තාක් දුරකට විසඳුණු පසුව අත්හිටවූ ණය පහසුකම නැවත ලබා ගැනීම සඳහා චීනයේ එක්සිම් බැංකුව සමඟ සාකච්ඡා කරන බව මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග කියයි.
236 Views
Comments