බලාපොරොත්තු රැසක් සමගින් අයවැය අද පාර්ලිමේන්තුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
12

බලාපොරොත්තු රැසක් සමගින් අයවැය අද පාර්ලිමේන්තුවට

බලාපොරොත්තු රැසක් සමගින් අයවැය අද පාර්ලිමේන්තුවට

2022 වසර සඳහා වන අයවැය අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අද පස්වරු 02.00ට අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සදහන් කලා.

 

මෙරට 76වන අයවැය මෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ දෙවන අයවැය වාර්තාව ද මෙය ⁣වන අතර ඉතා තීරණාත්මක අයවැයක්ද වෙයි.

 

විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝබර් මස 07 වනදා මුදල් අමාත්‍යවරයා විසින් පාර්මේන්තුවට ඉදිරිපත් කර තිබුණි.

 

ඒ අනුව හෙට (13) සිට ලබන 22 වනදා දක්වා දින 07ක කාලයක් අයවැය දෙවනවර කියවිමේ විවාදය  පැවැත්වීමට නියමිතය.

 

දෙසැම්බර් 10 වන දින පස්වරු 05.00 අයවැය තෙවන වර කියවිමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබේ.

 

අයවැය ඉදිරිපත් කරන කාලසීමාව තුළ මහජන ගැලරිය මහජනතාවට විවෘත නොවන අතර රාජ්‍ය නිලධාරින් සීමිත පිරිසකට පමණක් සහභාගීවීමට අවස්ථාව ලබාදී ඇත.

views

708 Views

Comments

arrow-up