අණ නොතකා ගමන් ගත් කැබ්රිය STF වෙඩි කයි - පේදුරුතුඩුවේ විශේෂ සෝදිසි මෙහෙයුමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
16

අණ නොතකා ගමන් ගත් කැබ්රිය STF වෙඩි කයි - පේදුරුතුඩුවේ විශේෂ සෝදිසි මෙහෙයුමක්

අණ නොතකා ගමන් ගත් කැබ්රිය  STF වෙඩි කයි - පේදුරුතුඩුවේ විශේෂ සෝදිසි මෙහෙයුමක්

අද උදෑසන 7.30ට පමණ යහපනය පේදුරුතුඩුවේ මාර්ග බාධකයකදී අණ නොතකා ධාවනය වෙමින් තිබූ කැබ් රථයකට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් වෙඩි තබා තිබෙනවා.

 

STF නිලධාරීන්ගේ අණ නොතකා ධාවනය වෙමින් තිබූ මෙම කැබ් රථයට ඇණ ගැසූ ලී කැබලි දෙකක් ද රථය එන මඟට දමා ඇති අතර ටයර වල හුලං නොමැති වූ කැබ් රථය ඉදිරියේ සිටී STF නිලධාරීන්ද යටකර පලා යෑමට උත්සාහ දරා තිබේ.

 

එම අවස්ථාවේදී විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් කැබ් රථයට වෙඩි තබා ඇති අතර වෙඩි ප්‍රහාරය මධ්‍යකයේ පලා ගොස් තිබෙනවා.

 

පසුව පේදුරුතුඩුවට රෝහලට වයස අවුරුදු 23 ක් හා 26 ක් වන තරුණයින් දෙදෙනෙක් වෙඩි ප්‍රහාර වැදීමෙන් ඇතුළත් වී ඇති බව පොලිසියට තොරතුරු ලබා ලැබී ඇත.

 

මේ වන විට පලා ගිය කැබ් රථය සොයා පොලිසිය විසින් විශේෂ මෙහෙයුමක්ද දියත් කර තිබෙනවා.

views

668 Views

Comments

arrow-up