වාහන ගමනාගමනය සීමා කිරීම අද මධ්‍යහන 12 සිට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
22

වාහන ගමනාගමනය සීමා කිරීම අද මධ්‍යහන 12 සිට

වාහන ගමනාගමනය සීමා කිරීම අද මධ්‍යහන 12 සිට

අපවත් වී වදාළ රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමියන්ගේ ආදාහන පූජ්‍යෝත්සවය පැවැත්වෙන කුණ්ඩසාලේ ප‍්‍රදේශය ආශි‍්‍රතව වාහන ගමනා ගමනය සීමා කර තිබෙනවා.

 

මේ අනුව අද මධ්‍යහන 12 සිට ආදාහන පූජෝත්සවය අවසන් වන තෙක් මහියංගනය, කුණ්ඩසාලේ, නත්රම්පොත 621 හන්දියෙන් සහ දිගන නරගරයෙන් වාහන ගමනා ගමනය සීමා කෙරෙන බවයි පොලීසිය පැවසුවේ.

 

ඒ අනුව විකල්ප මාර්ග ලෙස මහියංගනය, හසලක දෙස මහනුවර දෙසට ධාවනය වන වාහන දිගන නරගයෙන් හරවා මැණික්හින්න, පොල්ගොල්ල මාර්ගයෙන් මහනුවර දෙසට ධාවනය කළ යුතුයි.

 

මහනුවර සිට හසලක, මහියංගනය දෙසට ධාවනය වන වාහන කුණ්ඩ සාලේ නත්රම්පොත, 621 හන්දියෙන් හරවා, යක්ගහපිටිය, කිරිමැටිය, මැණික්හින්න නගර හරහා දිගන නගරය වෙත ගොස් මහියංගණය ප‍්‍රධාන මාර්ගයට පිවිසිය හැකි බවයි පොලීසිය පවසන්නේ.

 

views

936 Views

Comments

arrow-up