නව කොරෝනා ප්‍රභේදයක් නිසා විදේශයන්හි සිට මෙරටට ගෙන්වා ගැනීම පැරණි ක්‍රමවේදයටම

නව කොරෝනා ප්‍රභේදයක් විදෙස් රටවල් කිහිපයකින්ම හමුවීම නිසා මෙරටට පැමිණෙන ගුවන් මගින් සම්බන්ධයෙන් දැනට ක්‍රයාත්මක ක්‍රමවේදය තව දුරටත් ක්‍රියත්ම කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව මෙරටට පැමිණීමට පෙර සියලුම ගුවන් මගීන් විදේශ කටයුතු අමාත්‍යංශයෙන් සහ සිවිල් ගුවන්සේවා අධිකාරියෙන් අනුමැතිය ලබාගත යුතු බවයි.
වත්මන් තත්ත්වය ඇගයීමෙන් පසු නැවත මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් වන සංශෝධිත මාර්ගෝපදේශ නිකුත් කරන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ඊයේ දිනයේදී විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ දෙසැම්බර් 26 වෙනිදා සිට ගුවන් තොටුපොළවල් යලි විවෘත කිරීමෙන් පසු ලාංකිකයින්ට සහ ද්විත්ව පුරවැසි භාවය හිමි පුද්ගලයින්ට විදේශ කටයුතු අමාත්‍යාංශය, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ පුර්ව අනුමැතියකින් තොරව සෞඛ්‍ය මාර්ගොපදෙෂකය්න්ට යටත්ව මෙරටට පැමිණීමට හැකි බවයි.
670 Views
Comments