සහරාන්ගේ බිරිඳ ෆාතිමා හාදියා රිමාන්ඩ්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
22

සහරාන්ගේ බිරිඳ ෆාතිමා හාදියා රිමාන්ඩ්

සහරාන්ගේ බිරිඳ ෆාතිමා හාදියා රිමාන්ඩ්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත මාස 18 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ප්‍රශ්න කළ පාස්කු ප්‍රහාරය සිදු කරමින් මියගිය ස්වයං ඝාතක බෝම්බ කරු වන  ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා ඇතුළු සැකකරුවන් හය දෙනෙක් ලබන මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද 22නියෝග කළා.

 

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ෂැංග්‍රිලා හෝටලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ සහරාන්ගේ බිරිඳ වන අබ්දුල් හමීඩ් ෆාතිමා හාදියා, අසරුඩීන් මොහොමඩ්  ඉල්මි, අබ්දුල් හමීඩ් මොහොමඩ් රිෆාස්, මොහම්මදු මෂ්නුක් මොහහොම්මදු රිලා, මොහොම්මදු අමීර් එම් අයතුල්ලා, මොහොමඩ් මුබාරක් මොහොමඩ් රිෆායිල් යන අයයි.

 

අබ්දුල් කාදර් ෆාතිමා හාදියා අද (22) ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටියාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ පසුවන ඇය සාක්ෂි ලබාදීම සඳහා කොමිසම හමුවට පැමිණියේ පළමුවරටය.

 

2019 අප්‍රේල් 26 වැනිදා සිදුවූ සයින්දමරුදු පිපිරීමෙන් දිවිගලවා ගත් ඇය ත්‍රස්‌තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔවුන් භාරයේ මේ වන විට රඳවා සිටී.

 

නමුත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිටත් අධිකරණයේ නීතීමය කටයුතු සිදුවන බැවින් මෙම කොමිසම හමුවේ ඇයගෙන් සාක්ෂි විමසිය හැකි ද යන්න පිළිබඳ ව රජයේ ජේෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල් සරත් ජයමාන්න මහතා දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් සිදුකළේය.

 

එම කරුණු පැහැදිලි කිරිම මාධ්‍යට විවෘත නොවූ අතර පසුව සහරාන් හෂීම්ගේ බිරිඳගෙන් සාක්ෂි ලබා ගන්නේද, නැද්ද යන්න පිළිබඳ ව තීන්දුව හෙට පෙරවරු 10.00ට ප්‍රකාශ කරන බව ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා දැනුම් දුන්නේය.

views

861 Views

Comments

arrow-up