ලක්ෂ දෙකහමාරකට විදින්න ගිය හිමිනම එය ප්‍රතික්ෂේප කළ හිමිට පුටුවලින් පහරදී ප්‍රා. ලේකම් කාර්යාලයේ යකා නටයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
14

ලක්ෂ දෙකහමාරකට විදින්න ගිය හිමිනම එය ප්‍රතික්ෂේප කළ හිමිට පුටුවලින් පහරදී ප්‍රා. ලේකම් කාර්යාලයේ යකා නටයි

ලක්ෂ දෙකහමාරකට විදින්න ගිය හිමිනම එය ප්‍රතික්ෂේප කළ හිමිට පුටුවලින් පහරදී ප්‍රා. ලේකම් කාර්යාලයේ යකා නටයි

විහාරාධිපති හිමිට වංචාකර විහාරාධිපති ලෙස කූඨලේඛන සාදමින් රජයෙන් ලබාදෙන ලක්ෂ දෙක හමාරක පමණ මුදලක් වංචාසහගතව ලබා ගැනීමට ප්‍රදේශයේ හිමිනමක් ඉදිරිපත්වී එය ප්‍රතික්ෂේප කළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමායෝජක හිමියන්ට මරණ තර්ජන එල්ල කර පුටුවලින් පහරදී අසභ්‍ය වචනයෙන් බැනවදිමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ යකා නැටීමේ පුවතක් හම්බන්තොට දිස්ති‍්‍රක්කයෙන් වාර්තා වේ.

 

හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ ප්‍රධාන නගරයක් ආශි‍්‍රතව පිහිටා ඇති පෞරාණික මහා විහාරස්ථානයක සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකහමාරක පමණ මුදලක් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ අනුමත වී තිබේ. 

 

ඒ බව දැනගත් එම විහාරස්ථානයේ තාවකාලිකව ලැගුම්ගෙන සිටින හිමිනමක් විහාරාධිපති සහ එම විහාරධිකාරි යන හිමිවරුන්ට හොරෙන් විහාරාධිපති ලෙස රබර් සීල් සහ ලිපි ශීර්ෂ යොදාගෙන එම මුදල ලබාගැනීම සඳහා ඉකුත් දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ස්ථාපිත කර ඇති බෞද්ධ කටයුතු අංශයේ ප්‍රධාන සමායෝජක හිමියන්හට එම ලිපි ඉදිරිපත් කොට තිබේ.

 

ප්‍රදේශයේ සියලූම විහාරස්ථානවල සත්‍ය තොරතුරු එම හිමියන් සතුව තිබූ බැවින් අදාල හිමිනම ඉදිරිපත් කරන ලද ලිපි ලේඛන ව්‍යාජ ඒවා බවට පවසා එයට අත්සන් තබා නොමැත. 

 

අත්සන් නොකිරීම හේතුවෙන් කොපාවිශ්ඨවූ භික්ෂුව කාර්යාලයේ නිලධාරින් ඉදිරිපිට අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් පුටුවලින් පහර දී තිබේ. 

 

සමායෝජක හිමියන්ගේ මේසය මත ඇති නාමපුවරු පවා කඩා බිඳ දමා අලාභහානි සිදුකිරීමෙන් අනතුරුව පලාගොස් තිබේ. 

 

මේ පිළිබඳව අදාළ ප්‍රදේශයේ පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව දෙපාර්ශවයම ගෙන්වා කරුණු විමසා අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

views

889 Views

Comments

arrow-up