Online ලොතරැයියෙන් මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලට රුපියල් මිලියන 673 ක අලාභයක්

මහපොළ භාරකාර අරමුදලේ මාර්ගගත (Online) ලොතරැයියක් වෙනත් අතරමැදියෙකු හරහා අළෙවි කිරීම හේතුවෙන් එම පුද්ගලයා එමගින් උපයා රුපියල් මිලියන 673 ක මුදල මහපොළ භාරකාර අරමුදල වෙත ලැබී නොමැති බව කෝප් කමිටුවේදී අනාවරණය විය.
මෙය මහා පරිමාණ දුෂණයක් බවත් මේ කාරණාව සම්බන්ධයෙන් නීතිපතිවරයා දැනුවත් කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත විධිමත් පරීක්ෂණයක් සඳහා යොමු කරන ලෙසට වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් ජේ.එම්.භද්‍රානි ජයවර්ධන මහත්මිය හට කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා දැනුම් දුන්නේය.
ඒ මහතා මෙම දැනුම් දීම සිදු කළේ පසුගිය 08 වනදා කෝප් කමිටුව පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්තාවේදීය.
රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, රාජ්‍ය අමාත්‍ය (ආචාර්ය) නාලක ගොඩහේවා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරු වන එරාන් වික්‍රමරත්න, නලින් බණ්ඩාර ජයමහ මහතා, ප්‍රේම්නාත් සී. දොලවත්ත සහ එස්.එම්. මරික්කාර්, යන මහත්වරු මීට සහභාගී වුහ.
737 Views
Comments