ආනන්තරීය පාපකර්මය කල පුතෙක්

එලෙස මියගොස් ඇත්තේ, 66 හැවිරිදි පොහොරබාව, පරකඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකාර පුතා බීමත්ව පැමිණ ඔහුගේ බිරිඳට පහර දෙන අවස්ථාවේදී පියා පැමිණ බේරාගැනීමට උත්සාහ කිරීමේදී සැකකරු විසින් පොල්ලකින් සිදුකළ පහරදීමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි.
ඝාතනය සිදුකළ 34 හැවිරිදි සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර කුරුවිට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ අතර මල්ලාවි පොලිස් වසමේ පාලිනගර් මාර්ගයේ හිසේ තුවාල සහිතව පුද්ගලයෙකු වැටී සිටින බවට පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මෙම පුද්ගලයා මල්ලාවි රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් ඇති බවට රෝහලේ වෛද්‍යවරයා විසින් තහවුරු කර ඇත.
එලෙස මියගොස් ඇත්තේ, 40 හැවිරිදි පාලිනගර්, වව්නිකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරුගේ හිසේ කැපුම්තුවාල ඇති ඇතර ඔහු පෙර දින රාත්‍රී කාලයේ අනාරාධිතව උපන්දින සාදයකට සහභාගී වී නිවසට පැමිණෙන අතරතුරදී මෙම සිද්ධියට මුහුණ පා ඇති බව පොලීසිය කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඝාතනයට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මල්ලාවි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි
620 Views
Comments