MAY
23
“අරුන්දික ගුවන් නියමුවෙකු ලෙස ශ්‍රී ලංකා ගුවන් සේවයේ සේවය කර නෑ” - ගුවන් නියමු සංසදය

පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රානාන්දු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් නියමුවෙකු වශයෙන් සේවය කර නොමැති බව ශ්‍රී ලංකා ගුවන් සේවා ගුවන් නියමුවන්ගේ සංසදය කියයි.
ඒ බව තහවුරු කරන කිසිදු තොරතුරක් ඔවුන් සතුව නොමැති බවත් එම සංසදය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු ඉකුත් මැයි 19 දින පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තම සංසදය වෙත විමසීම් ලැබෙමින් ඇති බවත් එම සංසදය වැඩිදුරටත් සඳහන් කරයි.
608 Views
Comments