කොරෝනා මළසිරුරු ආදාහනය කරමින් එක් ජනවර්ගයක සංස්කෘතික අනන්‍යතාවය පාගා දමනවා - සජිත් ප්‍රේමදාස

ජන කොටස්වල සංස්කෘතික අයිතීන් උල්ලංඝනය කිරීමට තමන් ඇතුලු සමගි ජන බලවේගය සහමුලින්ම විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෙගුලාසිවලට අනුකූලව කටයුතු කරන බවට ආණ්ඩුව පුනපුනා ප්‍රකාශ කළද මළසිරුරු ආදාහනය කරමින් එක් ජනවර්ගයක සංස්කෘතික අනන්‍යතාවය පාගා දැමීමට ආණ්ඩුව කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ මහතැන්න ජුම්මා පල්ලියේ බැතිමතුන් හමුවූ අවස්‍ථාවේ දීය.
මෙහිදී අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා,
“අදාහන කටයුතු භූමදාන කටයුතු යන මාතෘකාව තුළ, අපේ රටේ මුස්ලිම් ජනතාව අන්ත අසරණභාවයට පත්වෙලා තියෙනවා.
සමගි ජන බලවේගයේ අපි විශ්වාස කරනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ තරයේ ක්‍රියාත්මක කළ යුතුයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය බොහෝම පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා භූමදානය පිළිබඳ සෞඛ්‍ය ගැටලුවක් නැතැයි කියන කාරණය.
අනෙක් හැමෝටම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුගමනය කරනවා, හැබැයි ආදාහනය, භූමදානය ප්‍රශ්නයේ දී රජය අමුතුම ආකාරයේ විශේෂඥ දැනුමක් ලබාගෙන ඒ අය කියනවා පුච්චන්නම ඕනේ කියලා.
මම පැහැදිලිව කියන්න කැමති සමගි ජන බලවේගයේ අපි සියලුදෙනා ඒ පහත් තීන්දුව තරයේ ප්‍රතික්ෂේප කරනවා.“
560 Views
Comments