අද සිට QR ක්‍රමයට මත්පැන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
02

අද සිට QR ක්‍රමයට මත්පැන්

අද සිට QR ක්‍රමයට මත්පැන්

 

වෙළෙඳ පොළ තුළ ඇති මත්පැන් වල නීත්‍යානුකූල බව පාරිභෝගිකයාට පරීක්ෂා කල හැකි යෙදවුමක්(app) සුරාබදු දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී තිබෙනවා. මෙම ක්‍රමය අද(02) සිට ක්‍රියාත්මක වේ.

 

මෙම යෙදවුම අන්තර්ගත ස්මාර්ට් ජංගම දුරකථනයකින් මත්පැන් බෝතලයේ ඇති ආරක්ෂක ස්ටිකරයේ QR කේතය scan කිරීම මගින් අදාල මත්පැන් බෝතලයේ වලංගුභාවයට අදාල තොරතුරු ලබාගත හැකියි. එම ක්‍රියාවලිය හරහා අවශ්‍ය තොරතුරු ලබාගත නොහැකිව එය ප්‍රතික්ෂේප වුවහොත් ඒ මෙහොතේම යෙදවුම මගින් පැමිණිලි කළහැකි අතර ක්ෂණිකව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද එම සුරාබදු දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.

 

"EXCISE TAX STAMP VALIDATOR" යන නමින් ඇති මෙම යෙදවුම සියලුම ඇන්ඩ්‍රොයිඩ් දුරකථන හා ඇපල් දුරකථන හරහා බාගත(download) කරගත හැකිය. Android දුරකතන හිමියන් සඳහා පහත link එක භාවිතා කරන්න.

 

https://play.google.com/store/apps/details?id=com.madrassecurityprinters.digitalstampvalidator

views

177 Views

Comments

arrow-up