මට විරුද්ධව උද්ඝෝෂණය කරන්න ගොවීන්ට සාධාරණ අයිතියක් නෑ - ජනපති

තමන්ට විරුද්ධව උද්ඝෝෂණය කිරීමට ගොවීන්ට සාධාරණ අයිතියක් නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
අද(01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති ජාතික ගොවි සංවිධාන බලමණ්ඩල නියෝජිත හමුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවේය.
වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,
“සමහර අය පෙන්නන්න හදනවා අපි ආපස්සට යන ගමනක් කියලා.අද කාබනික පොහොර ඉහළ තැනක පවතිනවා. මුළු ලෝකයේම එතැනට තමයි යන්නේ. ඒක ආපස්සට යෑමක් නෙමෙයි. ඉදිරියට යෑමක්. අපි දන්නවා කාබනික පොහොරවලට විරුද්දව කතා කරන අය කන්නේ කාබනික පොහොරවලින් හදපු ආහාර. ඒවා කාලා අනිත් අයට කවන්න හදනවා වස විස දාලා හදපු කෑම. මගේ ආරක්ෂක අංශයේ ඉන්න හුඟාක් අය ගෙන්නුවේ ගම්බද ප්‍රදේශවලින්. මම දන්නවා ඒ අයගේ පවුල්වල තියෙන ප්‍රශ්න. අම්මා, තාත්තා, පොඩි අයට පවා වකුගඩු රෝග. පිළිකා රෝග. මේවාගෙන් කවුද දුක්විදිනේනේ. ගොවියා. එදා යම්කිසි මුදලක් පොහොරවලට ගෙව්වා ඒක අද නොමිලේ හම්බ වුණා. එදා රුපියල් 30ට වත් විකුණ ගන්න බැරිව විශාල මෝල් හිමියන් වී ගත්තේ රු 25 - 28 තේ වී. අද අපි රු පනහක සහතික මිලක් දීලා තියෙන වෙලාවේ 50,60,70ත් වී විකුණනවා. ඒක ගොවියාට යනවා නම් කමක් නෑ. ඇත්තටම මේවා දිහා බලනකොට අද කිසිම ගොවි මහත්මයෙකුට මට විරුද්ධව උද්ඝෝෂණයක් කරන්න සාධාරණ අයිතියක් නෑ.“
851 Views
Comments