ලෝක ඒඩ්ස් දිනය අද - මෙරට ආසාදිතයින්ගෙන් 12%ක් තරුණ පිරිස
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
01

ලෝක ඒඩ්ස් දිනය අද - මෙරට ආසාදිතයින්ගෙන් 12%ක් තරුණ පිරිස

ලෝක ඒඩ්ස් දිනය අද - මෙරට ආසාදිතයින්ගෙන් 12%ක් තරුණ පිරිස

ලෝක ඒඩ්ස් දිනය අදට (01) යෙදී තිබේ.

 

සෑම වසරකම දෙසැම්බර් පළමු වැනි දින ලෝක ඒඩ්ස් දිනය සමරන අතර මෙවර එහි තේමාව වන්නේ “ගෝලීය සහයෝගීතාව සහ හවුල් වගකීම“යන්නය.

 

මේ වන විට මෙරට තුළ HIV ආසාදිතයින් 3600ක් පමණ සිටින බවට ඇස්තමේන්තු කර ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කළාය.

 

මෙරට තරුණ පරපුර තුළ HIV ආසාදනය වීමේ ඉහළ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

 

මෙම HIV ආසාදිතයින්ගෙන් 12% ක් විතර තරුණවියේ අය. ඒතරුණ වියේ අයගේ වාර්තා වීම පසුගිය වසර කීපයේ වැඩිවෙලා තියෙනවා.

 

ඒම නිසා මෙවර ලංකාවේ තේමාව ලෙස ‘තාරුණ්‍යයේ වගකීම ඉටුකරමු HIV වළකමු‘ යන්නය.

 

 

 

views

550 Views

Comments

arrow-up