“අස්වනු නෙලන්න තෙල් දෙන්න” - කෘෂි ඇමති ඉල්ලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
04

“අස්වනු නෙලන්න තෙල් දෙන්න” - කෘෂි ඇමති ඉල්ලයි

“අස්වනු නෙලන්න තෙල් දෙන්න” - කෘෂි ඇමති ඉල්ලයි

අස්වනු නෙලන ගොවීන්ගේ කෘෂි යන්ත්‍රෝපකරණ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන ඔවුනට අඩුවකින් තොරව ලබාදීම සඳහා විධිමත් සැලසුමක් සකස් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාට ඊයේ(03) දැනුම් දුන්නේය.

 

ගොයම් කපන යන්ත්‍ර හෙවත් ගොවීන් විසින් බූතයා ලෙස හඳුන්වනු ලබන යන්ත්‍ර ඇතුළු සෙසු යන්ත්‍රෝපකරණ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන නිසි පමණට ලබා නොදෙන බවට කෘෂිකර්ම අමාත්‍යවරයාට ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම දැනුම්දීම කර අැත.

 

ගොවි ජනතාවට ඉන්ධන සැපයීමේ ක්‍රමවේදය සඳහා සැලසුමක් සකස් කර ඒ පිළිබඳව වහාම කෘෂිකර්ම අමාත්‍යාංශය දැනුවත් කරන ලෙස ද මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයාට දැනුම්දී තිබේ.

 

මේ දිනවල වී අස්වනු නෙලන අනුරාධපුර,අම්පාර, පොළොන්නරුව, කුරුණෑගල සහ මොනරාගල දිස්ත්‍රික්ක වල ගොවි ජනතාව කෘෂිකර්ම  අමාත්‍යවරයාට දැනුම් දී තිබෙන්නේ ඉන්ධන හිඟය නිසා අස්වනු නෙලීමෙි ප්‍රශ්න ඇති වී තිබෙන බවයි.

 

ගොවි ගැටලු වලට සංවේදී වී ඉතා ඉක්මනින් ඒවා විසඳීමට රජය කටයුතු කරන බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

views

643 Views

Comments

arrow-up