මධ්‍යම ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස 5,000 ක් ඉදිකිරීම අද ඇරඹේ

මධ්‍යම ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස ඒකක 5,000 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අද අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඔරුගොඩවත්ත ප‍්‍රදේශයේදී ආරම්භවනවා.
මධ්‍යම ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස ඒකක 5,000 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ මුල් අදියරේදී නිවාස 3000 ක් ඉදිකෙරෙනු ලබනවා
ප‍්‍රථම අදියර යටතේ ඔරුගොඩවත්ත, බ්ලූමැන්ඩල්, මාලඹේ, මාකුඹුර සහ බොරලැස්ගමුව යන ප‍්‍රදේශවල කොළඹ දිස්ති‍්‍රක්කවල සඳහා වෙන්වූ නිවාස ඉදිකෙරන බවයි නාගරික සංවර්ධන හා නිවාස සංවර්ධන අමාත්‍යංශය පැවසුවේ.
ගම්පහ දිස්ති‍්‍රක්කයේ පෑලියගොඩ ප‍්‍රදේශයද, මහනුවර දිස්තී‍්‍රක්කයේ ගැටඹේ ප‍්‍රදේශයද මෙම ව්‍යාපෘති සඳහා තෝරාගෙන තිබෙනවා.
වසර දෙකක් තුළ මෙම නිවාස ඉදිකර නිවාසලාභීන්ට ලබාදීමට නියමිතයි
719 Views
Comments