MAR
30
පවුල් සෞඛ්‍ය සේවිකාවන් හෙට සිට වර්ජනයේ

රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයට අයත් පවුල් සෞඛ්‍ය සේවිකාවන් හෙට සිට දිවයින පුරා අඛණ්ඩ වර්ජනයක් සහ මාරාන්තික උපවාසයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ වසර 30ක සේවා කාලයක් සම්පූර්ණ කරන ලද පවුල් සෞඛ්‍ය සේවිකාවන් විශේෂ ශ්‍රේණිය සඳහා උසස් කිරීම අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇති බව පවසමින්.
488 Views
Comments