පාස්කු කොමිසමේ වාර්තාව අද පාර්ලිමේන්තුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
23

පාස්කු කොමිසමේ වාර්තාව අද පාර්ලිමේන්තුවට

පාස්කු කොමිසමේ වාර්තාව  අද  පාර්ලිමේන්තුවට

පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට අද (23) ඉදිරිපත් කිරීමට න්යමිතයි

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය ඊයේ (22) රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව මෙම වාර්තාව කැබිනට් රැස්වීමට ඉදිරිපත් කල අතර එම වාර්තාව පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරන ලෙස උපදෙස් දී තිබෙනවා

 

මෙම වාර්තාව කැබිනට මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අව්‍යශ වූයේ එහි සිංහල පිටපත සකස්කර නොතිබූ නිසා බවත්, එම වාර්තාවේ කිසිවක් සැඟවීමට අවශ්‍යතාවයක් නැති බවත් ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

 

2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට එවකට ජනාධිපතිව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 සැප්තැම්බර් මස 21 වැනිදා 5 දෙනෙකුගෙන් යුත් ජනාධිපති කොමිසන් සභාවක් පත්කරනු ලැබීය.

 

අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුත් එම කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු නිශ්ෂංක බන්දුල කරුණාරත්න, විශ්‍රාම අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අතපත්තු ලියනගේ බන්දුල කුමාර අතපත්තු යන මහත්වරු සහ විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව්.එම්.එම්. අධිකාරි මහත්මිය කටයුතු කළහ.

 

 

views

531 Views

Comments

arrow-up