සමාජ මාධ්‍ය පරිශීලකයන් ලියාපදිංචි කිරීම ගැන ඇමති කෙහෙළිය හේතු කියයි

ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ සමාජ මාධ්‍ය පරිශීලකයන් ලියාපදිංචි කිරීම රජයේ අරමුණ නොවන බවයි.
සමාජ මාධ්‍ය නියාමනයක් සම්බන්ධයෙන් තමා කල අදහස් දැක්වීමක් ඇතැම් පාර්ශව විසින් විකෘති කර ප්‍රචාරය කරන බවද ඒ මහතා නිවේදනයෙන් දක්වා තිබෙනවා
කෙසේවෙතත් විදෙස් රජයන් රැසක් විසින්ද අදහස් දක්වා ඇති පරිදි ඇතැම් මහා පරිමාණ සමාගම්වල ඩිජිටල් මෙහෙයුම් හේතුවෙන් මධ්‍යම පරිමාණයේ සමාගම්වලට බලපෑම් එල්ලවන බව රඹුක්වැල්ල මහතා පෙන්වා දෙනවා.
මෙම කටයුතු හමුවේ ශ්‍රී ලංකාවෙන් විශාල මුදලක් පිටරටට ඇදී යන බවද එය අරමුණු කරගනිමින් විදේශීය ඩිජිටල් මෙහෙයුම් ක්‍රියාත්මක කරන්නන් ලියාපදිංචිය පමණක් රජයේ අරමුණ බවයි
ජනමාධ්‍ය අමාත්‍යවරයා නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ.
එසේ නොමැතිව සමාජ මාධ්‍ය පරිශීලකයන් හෝ ඩිජිටල් ක්‍රියාකරුවන් ලියාපදිංචියක් කිරීමට රජය තුළ අරමුණක් නොමැති බවද කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරනවා.
613 Views
Comments