රන්ජන් රාමනායක නිදහස්?
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
16

රන්ජන් රාමනායක නිදහස්?

රන්ජන් රාමනායක නිදහස්?

සිරගතව සිටින රන්ජන් රාමනායක නිදහස් කිරීමට සියලු‍ කටයුතු සම්බන්ධීකරණය කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂට උපදෙස් දුන්නේය.

 

හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැඩබලන ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව වැඩබලන ජනාධිපතිවරයා අධිකරණ ඇමතිවරයාට මෙම උපදෙස් ලබාදී ඇත.

 

මෙහිදී වැඩබලන ජනාධිපතිවරයා පවසා ඇත්තේ අවශ්‍ය ලිපි ලේඛන සකස් කොට නීතිපතිවරයාට සහ අගවිනිසුරුවරයාට බාර දෙන ලෙසයි.

 

ඒ අනුව ඉතා කඩිනමින් රන්ජන් රාමනායකට නිදහස ලැබෙනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පැවසීය.

views

302 Views

Comments

arrow-up