රටේ තරම නොදැන කට ගසන්නට ගිය ලොක්කාට යාචකයකුගෙන් ලැබුණු පාඩම

රජයේ සංවර්ධන කටයුතුවලට දායක වන රාජ්ය ආයතනයක් විය.
එම ආයතනය මඟින් පසුදා පැවැත්වෙන උත්සවයකට පූර්ණ දායකත්වය ලබා දිය යුතුය.
ඒ සඳහා ආයතන ප්රධානියා වන මොහු සැදී පැහැදී සිටියත් ඔහුගේ බිරිඳ හදිසියේ රෝගී වූවාය.
ඇය රෝහල් ගත කිරීමෙන් පසුව රෝහලට වැඩිදුර ප්රතිකාර සඳහා මාරුකර යවා තිබුණේ තත්ත්වය තරමක් බරපතළ වීම නිසාවෙනි.
බිරිඳගේ අසනීප තත්ත්වය නිසා සැමියාට ඇය බැලීමට යාමට සිදුවීම හේතුවෙන් උත්සවයට යාමට නොහැකි විය.
කෙසේ වුවද උදෑසනම ගොස් බිරිය බලා පමා වී හෝ උත්සවයට සහභාගිවන සිතුවිල්ලෙන් ඔහු රෝහල බලා ගියේය.
ඔහු රෝහලට යාම පමාවීම හේතුවෙන් ඔහුට රෝගී බිරිඳ බැලීමටද නොහැකි විය. ඒ අනුව දහවල් කාලයේ වාරය උදාවන තෙක් ඔහු එහි ගේට්ටුව අසල රැඳී සිටියේය.
මේ අතරතුර ඔහු උත්සවයේ කටයුතු ගැන වරින් වර විමසා බැලුවේය.
“දැන් ඇමැතිතුමා ආවාද? ඇමැතිතුමාගේ ලේකම්ට කියන්න මාගේ නෝනාට අමාරුවෙලා මං හදිසියේ අනුරාධපුර රෝහලේ ඉන්නේ කියලා” ඔහු ආයතනයේ තවත් නිලධාරියෙකුට දැනුම් දුන්නේය.
එම සංවාදයට සවන් දුන් යාචකයෙක් ඔහු අසලට පැමිණ ඔහුට කථා කලේය.
යාචකයා මහත්තයාව අමතන්නට විය.
“මහත්තයෝ ඔය දේශපාලකයාගේ නම අහන්නවත් අපේ කට්ටිය කැමැති නෑ. ඔයා කතා කරන්න පරිස්සම් වෙන්න. නැතිනම් මහත්තයාටත් අම්බානට කාගෙන රෝහලේම තමයි නවතින්න වෙන්නේ” ඔහු ඉල්ලා සිටියේය.
“ඇත්ත තමයි, මට වැරදුණා. උන්හිටි තැන අමතක කර මං කතා කරපු හැටි වැරදියි.”
රටේ තත්ත්වය තේරුම් ගත් ආයතන ප්රධානියා යාචකයා අතට රුපියල් සියයක නෝට්ටුවක්ද තබා ස්තුතිය පිරිනමා බිරිඳ බලන්නට වාරය එනතුරු කට පරිස්සම් කරගෙන සිටියාලු.
663 Views
Comments