සමාජයෙන් ආසාදිතයන් මතුවීමේ බරපතළ අවදානමක්

මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරන පරිදි ඔවුන්ට රෝගීන් හඹා යෑමේ අපහසුතාවක් මතුවී ඇති බැවින් ඉදිරියේදී කොවිඩ් ආසාදිත පුද්ගලයන් සමාජයෙන් මතුවීමේ බරපතළ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසයි.
මේ වන විට වයිරසය පිළිබඳව කර ඇති අධ්‍යයනයන්ට අනුව බොහෝ විට එය වයස්ගත පිරිසට වැඩි බලපෑමක් ඇති කර තිබුණද ඇමරිකාව එංගලන්තය වැනි රටවල තරුණ ප්‍රජාවද වයිරසයට ගොදුරුවී මියයෑමේ ප්‍රවණතාවක් ඇති බවද හෙතෙම පැවසීය.
ඊයේ (27 වැනිදා) දිනයේ ශ්‍රී ලංකාවේ මිය ගිය වයස අවුරුදු19 ක තරුණයාගේ මරණයට බලපෑ හේතුව කොවිඩ් වයිරසය නම් බටහිර රටවලට ඇතිවී තිබෙන තත්ත්වය ශ්‍රී ලංකාවටද බලපා ඇත්දැයි යන සැකය මතුවන බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
621 Views
Comments