කන්දකාඩු සිද්ධියේ වාර්තාව අධිකරණ ඇමතිට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
16

කන්දකාඩු සිද්ධියේ වාර්තාව අධිකරණ ඇමතිට

කන්දකාඩු සිද්ධියේ වාර්තාව අධිකරණ ඇමතිට

පසුගියදා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් වන වාර්තාව අධිකරණ අමාත්‍යවරයා වෙත භාරදුන් බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කර සිටිනවා.

 

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුධ හමුදා සහ ගුවන් හමුදා සෙබළුන් හතර දෙනා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත තිබෙන බවද ඔහු තවදුරටත් සඳහන් කර සිටියා.

 

අදාල සිද්ධියෙන් මරණයට පත්වූ පත්වූ රැඳවියා දෙමෝදර ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙකු වන අතර ඔහුගේ මරණය මොට ආයුධවලින් පහර දී සිදුවූවක් බව පසුගියදා මරණ පරීක්ෂණයේ දී හෙළි වී තිබුණා.

 

එසේම මොහුට අමානුෂික ලෙස පහරදුන් බවට සැක කෙරෙන උණ පතුරු සහ විදුලි රැහැනක්ද එම මධ්‍යස්ථානයේ තිබී පොලිසිය සොයාගෙන තිබුණ අතර ඒවා නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

views

287 Views

Comments

arrow-up