මෙරට මහා පරිමාණයේ හොරු රට පනින්න හදයි - බුද්ධි අංශ විශේෂ හෙළිදරව්වක
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
26

මෙරට මහා පරිමාණයේ හොරු රට පනින්න හදයි - බුද්ධි අංශ විශේෂ හෙළිදරව්වක

මෙරට මහා පරිමාණයේ හොරු රට පනින්න හදයි - බුද්ධි අංශ විශේෂ හෙළිදරව්වක

පසුගිය වසර කිහිපය තුළ මෙරට සිදුකළ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා වංචා දූෂණ මිනිස් ඝාතන ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ වර්තමාන රජය සමඟ සමීපව කටයුතු කරන දූෂිත පුද්ගලයින් පිරිසක් හොර රහසේ රටින් පැන යෑමට කටයුතු කරමින් ඇති බවට තොරතුරු බුද්ධි අංශ වෙත ලැබී තිබේ.

 

මෙම දූෂිත ජාවාරම්කාරයින් මෙලෙස රටින් පලා යෑමට උත්සාහ දරමින් සිටින්නේ වර්තමාන රජය අස්ථාවර තත්ත්වයකට පත්වීම හේතුවෙන් බවද බුද්ධි අංශ ආරංචි මාර්ග වැඩි දුරටත් කියා සිටියි.

 

 පවතින දේශපාලන අර්බුදය හමුවේ වර්තමාන රජය වෙනස් වුවොත් මෙම ජාවාරම්කාරයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමට ඉඩක් ඇති නිසා ඔවුන් මෙසේ රටින් පැන යෑමට කටයුතු කරමින් සිටින බව වැඩි දුරටත් වාර්තා වෙයි.

 

මේ ආකාරයෙන් රටින් පැන යෑමට සූදානම් වන පුද්ගලයින් අතර වර්තමානය රජයේ ප්‍රබලම දේශපාලනඥයන් සමඟ සමීපව කටයුතු කරමින් විවිධ දූෂිත ව්‍යාපාරවල නිරතව සිටින ප්‍රකෝටි ගණනක ධනයක් උපයාගත් පුද්ගලයින් කීප දෙනෙකුද සිටින බවට අනාවරණය වී තිබේ.

 

ඇතැම් දූෂිත පුද්ගලයින් විවිධ කූඨ ලේඛන පවා සකස්කරගෙන රටින් පලා යෑමට මේ වන විටත් කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි. 

views

699 Views

Comments

arrow-up