සුද්දා ඇඟ බද්ද ගැහුවා - සෞභාග්‍යයේ ආණ්ඩුව සියේට 15 ක ‘මෙන්සස් බද්ද‘ක් ගැහුවා - රෝහිණී කවිරත්න

මෙවර අය වැයෙන් යෝජනා වී තිබෙන සනීපාරක්ෂක තුවා සඳහා 15%ක බද්දක් නියම කිරීමේ යෝජනාවට විශාල විරෝධයක් එල්ල වෙමින් තිබේ.
‘‘බ්‍රිතාන්‍ය ජාතිකයින් ඇඟ බද්ද ගැහුවා වගේ මේ ආණ්ඩුව දැන් 15% ක ‘මෙන්සස් බද්දක්‘ ගහලා, කාන්තාවන්ගෙන් මාස් ශුද්ධියෙනුත් ආදායම් උපයන්න හදනවා.‘‘
යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය ප්‍රකාශ කරයි. නිවේදනයක් නිකුත් කරමින් ඇය තවදුරටත් සඳහන් කරන්නේ,
‘‘1848 දී එංගලන්තයේ ටොරින්ටන් ආණ්ඩුකාරයා ඇඟ බද්ද, බලු බද්ද ඇතුළු බදු 7 ක් ගැහුවා. මේ ආණ්ඩුව කාන්තාවන්ගේ ‘මාස් ශුද්ධියට බදු ගහපු ආණ්ඩුවක්‘ ලෙස ඉතිහාසගත වෙනවා‘‘
යනුවෙනි.
ලෝකයේ දියුණු රටවල් පාසල් දරුවන්ට, දුප්පත් දරුවන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදෙන වාතාවරණයක් තුළ මේ ආණ්ඩුව ධනවතුන්ගේ බදු කපා හැර ජනතාවගේ අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා බදු අය කරමින් සිටින බව ද ඇය තවදුරටත් සඳහන් කළාය.
පසුගිය යහපාලන ආණ්ඩුව සමයේදී සනීපාරක්ෂක තුවා සඳහා වූ බද්දෙන් 40%ක් ඉවත් කිරීම මගින් ජනතාවට විශාල සහනයක් ලැබුණු බව ද ඇය සඳහන් කළාය.
‘‘දැන් ආණ්ඩුව සනීපාරක්ෂක තුවා බද්ද 15% කින් වැඩි කරලා.
මේ ආණ්ඩුව මිනිස්සු ගැන හිතන්නේ නැති, යක්ෂ ආණ්ඩුවක් බවට දවසින් දවස පත්වෙමින් තියෙනවා‘‘ ‘‘ආණ්ඩුවේ නව ‘මෙන්සස් බද්ද‘ නිසා පීඩාවට පත් වන්නේ කාන්තාවන් පමණක් නොවෙයි.
සෑම පවුලකම අම්මලා - දුවලා ආදී වශයෙන් කාන්තාවන් කිහිප දෙනෙකු සිටිනවා.
සෑම මාසයකම අත්‍යවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවට ‘සනීපාරක්ෂක තුවා‘ ඇතුළත් වෙනවා. මේ රටේ සනීපාරක්ෂක තුවා ගන්න බැරිව පාසල් නොයන දරුවෝ ඕනෑ තරම් ඉන්නවා.
ඒ දුප්පත්කම නිසයි. ‘‘සනීපාරක්ෂක තුවා සඳහා පැනවූ නව බද්ද ඉවත් කර ගන්යැයි අපි ආණ්ඩුවට බල කරනවා‘‘
යැයි ද එම නිවේදනයේ සඳහන් වේ.
609 Views
Comments