සජබෙට එරෙහිව ඩයනා උසාවි යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
05

සජබෙට එරෙහිව ඩයනා උසාවි යයි

සජබෙට එරෙහිව ඩයනා උසාවි යයි

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

 

එහි වගඋත්තරකරුවන් ලෙස  එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, පක්ෂ සභාපති සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක,  මැතිවරණ කොමිසමේ සභාපති නිහාල් ජී පුංචිහේවා සහ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ඇතුළු එකොළොස් දෙනෙකු නම් කර ඇත.

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය සම්මත කරන අවස්ථාවේ ඊට පක්ෂව ඡන්දය භාවිත කළ බවට චෝදනා කරමින් තම පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට වගඋත්තරකරුවන් කටයුතු කර ඇති බව ඇය අදාළ පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

 

සිය මන්ත්‍රී ධුරය අහිමි කිරීමට පෙර සාධාරණ විනය පරීක්ෂණයක් ලබාදීමට වගඋත්තරකරුවන් ක්‍රියා නොකළ බව චෝදනා කරන පෙත්සම්කාරිය මේ මඟින් ස්වභාවික යුක්ති ධර්මය නැමැති නීතිමය මූලධර්මය උල්ලංඝනය කර ඇති බව පවසයි.

 

ඒ අනුව සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය නීතිය ඉදිරියේ බලරහිත බවට තීන්දුවක් ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

views

715 Views

Comments

arrow-up